ඊයේ රෑ පැවැත්වු ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ රහස් සාකච්ඡාවේ තීරණ මෙන්න…

ඊයේ රෑ පැවැත්වු ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ රහස් සාකච්ඡාවේ තීරණ මෙන්න…
Spread the love

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (13) රාති‍්‍රයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නිවසේදීයි.

නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ඊට එක්ව තිබෙනවා.

පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන  රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, සාකච්ඡාවට එක්ව ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

පවතින දේශපාලන වාතාවරණය යටතේ ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.