‘‘ඊළම පූදින්නේ මහින්දගේ නෙළුම් පොහොට්ටුව මතින්” – ආර් සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්..!

‘‘ඊළම පූදින්නේ මහින්දගේ නෙළුම් පොහොට්ටුව මතින්” – ආර් සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්..!
Spread the love

පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාරවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළේය.

විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,

”දෙමළ ඊළම නිර්මාණය වෙන බව ඔහු කියන්නේ කෙසේද? ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අහිංසක සිංහල ජනයා නොමග යවන සුලු ද්වේෂ සහගත, කුරිරු හා අස්ථිර ක්‍රමවේදයක්. රාජපක්‍ෂ මහතා මේ ක්‍රමවේදයෙන්ම කටයුතු කළොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින්” යැයි පවසා සිටියේය.