උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක

උතුරු මහ ඇමැති ධුරයෙන් විග්නේෂ්වරන් අස්‌විය යුතුයි – උතුරු පළාත් විපක්‍ෂ නායක
Spread the love

නීතිරීති කිසිවක්‌ ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්‌. තවරාසා මහතා පැවසීය.

යාපනයේදී පසුගිය 30 දා විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වා විපක්‌ෂ නායකවරයා කියා සිටියේ මහ ඇමැතිවරයා විසින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතාගේ ඇමැති ධුරය ඉවත් කිරීමට කළ නියෝගය තහනම් කරමින් අභියාචනාධිකරණය 29 දා ලබාදුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් විග්නේෂ්වරන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවයි.

විග්නේෂ්වරන් මහතාට ලැ-ජාවක්‌ තිබේ නම් ඔහු සිය තනතුරෙන් මහත්මයකු ලෙස ඉවත්වීමට කටයුතු කළ යුතු බව තවරාසා මහතා කියා සිටියේය.

2017 වසරේ උතුරු පළාත් සභාවේ ප්‍රවාහන, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්‌වමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක්‌ නිකුත් කර ඇත.

තමා අමාත්‍ය ධුරයෙන් නෙරපීම නීති විරෝධී යෑයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා ගොනු කළ පෙත්සමක්‌ සලකා බැලු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක්‌ ද සිල්වා මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ විසින් තහනම් නියෝගය නිකුත් කර ඇත