තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී ඇත.
මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව කර ඇති බවටයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරික්ෂණයක් සඳහා පෙනී සිටින ලෙස උදයංග වීරතුංගට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදී පෙනී නොසිටි බැවින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.
පසුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීස් ඒකකය විසින් රුසියාවේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙස කල ඉල්ලීම මත උදයංග වීරතුංගට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති අතර ඔහු ඩුබායි ගුවන් තොටුපොලේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංගව මෙතෙක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා විවිධ හේතු පල විය.
කෙසේ වෙතත් ඔහු විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇති ලිඛිත ඉල්ලීම මගින් පෙන්වා දී ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ මූල්‍ය වංචාවකට සම්බන්ධ නොවු බැවින් තමාට එරෙහි ජාත්‍යන්තර රතු අත්හිටුවන ලෙසයි.

