හෙට (22) උදෑසන සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. කොලොන්නාවේ තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
වැටුප් වැඩිවීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩිකර තිබුණද, තවම බෙදා හැරීමේ ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සඳහන් කරනවා.

