ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුනී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය සිදුවු නිසාවෙනි.
ඒ නිසා අපගේ ජය ශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයන් වැදගත්ය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට අතිශයින් වැදගත්ය.
එපමණක් නොව උඳුවප් පෙහෝ දිනයේ සිට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා උදාවන කාලය තුළදී අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද වන් “උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක” සිට බව බෞද්ධ ශිලා ලේඛනවල සඳහන් වෙයි.
ඔබ සැමට පින්බර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා ….!
[rns_reactions]

