වාර්තාගත දැවැන්තම මනුෂ්‍ය ඝාතනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ මඟ ගොස් මිලිටරි පාලනයක් ඔස්සේ හෝ රටේ පාලනය ලබා ගන්න ලෙස සංඝ නායකත්වය විසින් ගෝඨාභය රාජපක්ෂ හට අරාධනා කර තිබේ.
“ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමාව හිට්ලර් හැටියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි මතක් කරනවා ඔබතුමාට මිලිටරි පාලනයක් විදියට තමයි ඇවිල්ලා මේක ජයගන්න වෙන්නේ කියලා නැවත මතක් කරනවා.” යි අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමියෝ පැවසුහ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
මෙම අවස්ථාවට ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබීම විශේෂත්වයකි.
ඇඩොල්ෆ් හිට්ලර්
ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පාලනයේ දී යුද ඇස්තමේන්තුගත මිලියන 19.3 සිවිල් වැසියන් හා සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු විය.
මීට අමතරව, සොල්දාදුවන් හා සිවිල් වැසියන් මිලියන 29 ක් දෙවන ලෝක මහා යුද්ධය දී යුරෝපීය රඟහල හමුදා ක්‍රියා මාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අතර දෙවන ලෝක යුද්ධ සමයේ මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මානව ඉතිහාසයේ දරුණුතම ඝාතනය ලෙස හැඳින්වේ.