දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බව දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට අද (30) ප්‍රකාශ කළේය.
ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ තවදුරටත් සලකා බලන ලෙස නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ දෙවැනි කොමිසමට උපදෙස් ලබාදී ඇති බවයි.
ජවිපෙ නායක අනුර දිසානායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා අවස්ථාව අද ලබාදී තිබූ නමුත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අධිකරණයට දැනුම් දීම නිසා නැවත දිනයක් ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව නඩුවේ එම කරුණු දැක්වීම මැයි මස 12 වැනිදා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මේ අතර ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ පසුගිය ජනවාරි මස 02 වැනිදා පත් කළ දෙවැනි කොමිසම අප්‍රේල් මස 29 වෙනි දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිත නමුත් මේ දක්වා දෙවැනි කොමිසම රැස්වී නොමැති බවයි.