ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි

ඌව පළාත් සභාවේ ඝන පූර්ණය නොමැති නිසා සභාව කල් තබයි
Spread the love

ඊයේ(11) රැස් වුන ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම නියමිත ඝණ පූර්ණය නොමැතිවීම නිසා ලබන 25වැනිදා තෙක් කල් තැබීමට සභාපති ඒ.එච්.බුද්ධදාස මහතාට  සිදුවී ඇත.සභාව ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර පසුව සභාව තේ විවේකය සඳහා නවතා තැබිණි.තේ විවේකයෙන් පසු දහවල් 12.15ට සභාව ආරම්භ වුවද නියමිත ඝණ පූර්ණය නොමැති විය.