ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සම්බන්ධතා තහවුරු කිරීම පිණිස වාර්ෂිකව සිදුකරන සංචාරයක් ලෙසින් 4 වන වරට ද මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා (Jeffrey Feltman) (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සාමය සහ සංහිදියාව ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා, ඒ වෙනුවෙන් රජයේ කැපකිරීම් පිළිබද සිය ප්‍රශංසාව පළ කළේය.
මෙහිදී ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන ආධාර, මගපෙන්වීම් ඇතුඑ සහයෝගය පිළිබද තම කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා, ඉදිරියේදීත් ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අපේක්ෂා කරන බව සදහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාව ලොව සියලූ රටවල් සමග පවත්වාගෙන යන මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය පිළිබදව සදහන් කළ ජනාධිපතිතුමා, අනාගතයේ දී ද එම ප්‍රතිපත්තිය අනුව යමින් ජාත්‍යන්තර සංවිධාන සහ සියලූ රටවල් සමග කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා රජයේ සංහි`දියා ක්‍රියාදාමය වෙත ද සංවර්ධන උත්සාහයට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය අනාගතයේදීත් හිමිවන බව සදහන් කළේය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්විය.