ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කර මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 53 ක් ප්‍රදානය කෙරුණු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සඳහා වන සම්මාන මෙහිදී ප්‍රදානය කෙරේ.
ඒ අනුව 2017 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන දිනා ගත්තේ ස්වාධීන රුපවාහිනීයේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යය වන අතර එහි ජෙහාන්ගේ චරිතය නිරුපනය කල තුමිදු දොඩම්තැන්න ජනප්‍රියම නළුවා සම්මානය දිනාගැනීමට සමත්විය…
කෙසේවෙතත් සුපුරුදු පරිදිම දෙවෙනි ඉනිමේ දෙවුමි මෙවරත් ජනප්‍රියතම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර විය..