ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී ක්‍රීඩා කළ අවසන් තරගාවලියේ තරග 04න් තුනක් පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල පවසයි.
එහෙත් මහජනතාව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඒ සම්බන්ධයෙන් ක්‍රීකට් ආයතනයට ඇඟිල්ල දිගු නොකළ බව ඔහු පෙන්වා දෙයි.
ඊට හේතුව වී ඇත්තේ තරග පැරදුණත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙල්ලම් කරන්නේ හොඳ ක්‍රිකට් බව ඔහු පෙන්වා දෙයි.
නව අවුරුදු උදාවෙන් පසු ඊයේ (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩලය මුණ ගැසී එහි සභාපති තිලංග සුමතිපාල මේ බව සඳහන් කළ අතර ලොව කිසිඳු ක්‍රිකට් පාලක මණ්ඩලයක් ප්‍රථම ස්ථානයේ හැමදාම සිට නොමැති බව ද කියා සිටියේ ය.
“නිදහස් කුසලානයක් තිබුණේ නෑ..අපි නිදහස් කුසලානයක් හැදුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉලක්කයක් තිබුණා බිලියට 1.3ක ආදායමක් හොයන්න. ලංකා ඉතිහාසයේ එච්චර ලොකු ආදායමක් අපි ලබාගෙන තිබුණේ නෑ. අපි නිදහස් කුසලානයේ එක පන්දුවාරයක් විකුණුවේ ඩොලර් 27000කට. ඒ අනුව නිදහස් කුසලානයෙන් පමණක් ලක්ෂ 9000කට වඩා ශුද්ධ ලාභයක් ලැබුවා.. ඒ වගේම ඒක ලස්සන තරගාවලියක් වුණා. ලංකා ප්‍රිමියර් ලීග් එක මේ වසරේ පටන් ගන්නවා. ඒක වසර 03ක් යනකොට මූල්‍යමය වශයෙන් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයට ගේනවා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක් විය. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබේ.
මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බව ය.
ක්‍රිකට් පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක් බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට් තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුණි.

