ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ලංකාව තුල වැඩිපුරම මුදල් හුවමාරු වන ස්ථාන වලින් එකකි. ඒ රුපියල් වලින් නොව ඩොලර් ගණන් වලින්ය.
මේ වන විට එම ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි තොරතුරු වාර්තා කර සිටියි.
පෙර පැවති ක්‍රමයට අනුව නොව මේ ක්‍රමයේදී ක්‍රීඩකයින්ගේ සාමූහික හා තනි පුද්ගල දක්ෂතා මත පදනම්ව ඔවුන්ට මුදල් ගෙවීම සිදුකරනු ඇති බව කියැවේ.
ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ දැමීමේ දිරිගැන්වීමක් ලෙසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු බොහො දෙනා නොදන්නා කරුණක්.
මෙම සටහන ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවනා අයුරු පිළිබදවයි.
ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් ක්‍රීඩකයන් වර්ගීකරණය කොට ගිවිසුම් ගත කරයි.
මෙම ගිවිසුම් A,B,C,D,E ලෙස වේ..
සුපිරි මට්ටමේ ක්‍රීඩකයන් A ඛාණ්ඩයට අයත් වන අතර මීට අමතරව ජාතික කණ්ඩායම වසර පහක් නියෝජනය කරනා ඕනෑම ක්‍රීඩකයෙක් A ඛාණ්ඩයට අයත් වේ.
ඉන්පසු එම ඛාණ්ඩ ගත කර ගිවිසුම් ගත කල ක්‍රීඩකයන්ට වාර්ශිකව මුදලක් ක්‍රීකට් ආයතනය ගෙවයි . මෙම මුදල ක්‍රීඩා කලත් , නැතත් අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට ගෙවයි.
A – එක් කෝටී අසූ හත් ලක්ෂ පනස් දහසයි
B – එක් කෝටි විසි ලක්ෂයයි
C – ලක්ෂ අනූවයි
D – ලක්ෂ හැටයි
E – ලක්ෂ තිහයි
ඉහත ගිවිසුම් මුදල් ක්‍රීඩා කලත් නොකලත් අනිවාර්ය ගෙවීම් ය.
එයට අමතරව තරග ක්‍රීඩා කරනවාට වෙනම වැටුප් ගෙවයි.
තරගය ජය ගත්තත් පරාජය වූවත් මෙම මුදල අනිවාර්යෙන්ම ක්‍රීඩකයාට තරගයක් වෙනුවෙන් ලැබෙයි.
ටෙස්ට් තරගයකට- හත් ලක්ෂ පනස් දහසක්
එක්දින තරගයකට – හාර ලක්ෂ පනස් දහසක්
විස්සයි විස්ස තරගයක් -: ලක්ෂ තුනක්
මීට අමතරව ටෙස්ට් තරගයක් ජය ගත්තොත් තවත් හත් ලක්ෂ පනස් දහසක් බෝනස් ලෙස ලැබේ.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කිරීමට දිරි දීමනා වෙනම ගෙවයි.
ටෙස්ට් ශතකයකට රුපියල් ලක්ෂ හත් ලක්ෂ පනස් දහසක්
ටෙස්ට් කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්
එක්දින තරගයක ශතකයට හත් ලක්ෂ පනස් දහසක්
එක්දින තරගයක කඩුලු පහකට හත් ලක්ෂ පනස් දහසක්
විස්සයි විස්ස ශතකයට තුන් ලක්ෂ හැත්තැ පන්දහසක්
විස්ස විස්ස කඩුලු පහකට තුන් ලක්ෂ හැත්තැපන් දහසක්
අමතර ගෙවීම් කරයි.
මේ ශ්‍රී ලංකා ක්‍රීකට් මගින් ක්‍රීඩකයන්ට ගෙවනා වැටුප් පමණක් වන අතර මීට අමතරවද IPL , BPL , CPL , BBL ආදි තරගාවලි වලට ක්‍රීඩා කිරිමෙන් , වෙළද දැන්වීම් වලට පෙනිසිටීමද ක්‍රීඩකයන්ට ආදායම් ගෙනදේ.
මෙහි සදහන් වන්නේ මාස 14 සදහා ගෙවන ලද වැටුප් විස්තරයකි (උදාහරණයකි )

ටෙස්ට් තරඟයක් පරාජය වන්නේ නම් නව ගිවිසුම අනුව ටෙස්ට් තරගයක් සඳහා කරන ලද ගෙවීම 33% කින් අඩුකර තිබේ. නමුත් ටෙස්ට් තරගයක් ජයගන්නා සෑම අවස්ථාවකදීම ක්‍රීඩකයන්ගේ තරග මුදල පසුගිය වසරේ ටෙස්ට් තරගයක් සඳහා ගෙවූ මුදල මෙන් 133% ක් වනු ඇත.
ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේදී තවත් ප‍්‍රසාද මුදලක් ක්‍රීඩකයන්ට එකතු වන අතර 3-0 ක තරගාවලි ජයක් ලබාගත හැකි නම් අති විශේෂ ප‍්‍රසාද දීමනාවක් ක්‍රීඩකයන්ට හිමිවේ. ඊට අමතරව ටෙස්ට් ශතකයක් හෝ ඉනිමකදී කඩුලූ 5 ක් දවාගන්නා සෑම අවස්ථාවකදීම ටෙස්ට් තරගයකට ගෙවනු ලබන වැටුප පාරිතෝෂිකයක් ලෙසින් ගෙවන බවද ගෙවනු ලබයි.
මෙම කොන්දේසි අනුව තරගයක් පරාජය නොවී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලි දෙකක් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වේ නම් එම කණ්ඩායමේ සාමාජිකයකු වෙමින් ශතක දෙකක් හෝ ඉනිම දෙකකදී කඩුලූ 5 ක් බැගින් ලබාගන්නා ක්‍රීඩකයකුට ටෙස්ට් තරග 12 ක වැටුප හිමිකර ගැනීමට අවස්ථාව තිබේ.
පසුගිය කාලයේදී මාස 15 ක් ඇතුළත එක ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවලා තියෙන වැටුප ඔහු ලබාගත් අන්තර්ජාතික ලකුණු වලින් බෙදලා බැලූවාම එක ලකුණකට රුපියල් 56,000 ක් බව සදහන් වෙයි , මෙතරම් ධනස්කන්දයක් තම වැටුපට එක් කරගන්නා තම රට එනුවෙන් යුතුකම ඉටුකරනවාදැයි යන්න ගැටලුවකි

