අද එක්සත් ජාතික පක්ෂය ඇමෙරිකන් මිෂන්වල ඒජන්ට්ලා විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙහි ප්‍රශ්නවලට හේතුව එය බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මාධ්‍යයට මේ අදහස් පළ කළේ ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ප්‍රදීපා ලක්සෙත පදනම ඉදිකළ ළමා නිවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
කැප්පෙටිපොල ගුණවංශ හිමියන්ගේ උපදෙස් මත කොරියාවේ වයිට් එලිෆන්ට් පදනම මේ සඳහා මුදල් ආධාර ලබාදී තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.
“කනගාටුයි, එජාපය ජාත්‍යන්තරය විසින් ආක්‍රමණයට ලක් කරලා. එජාපයේ හිටිය රටට ආදරය කරපු, මව්බිමට, කහ සිවුරට, ගහ කොළට, සතා සිවුපාවාට ආදරය කරපු අය විසිවෙලා ගිහින්. ඇමෙරිකන් මිෂන්වල ඒජන්ට්ලා විසින් එජාපය ආක්‍රමණය කරලා තියෙන්නේ. මේ අර්බුදය ඇතිවී තිබෙන්නේ ඒ නිසයි.
එජාපය දේශීය න්‍යාය පත්‍රයක් නැතිව විදේශීය න්‍යාය පත්‍රවල වැඩ කළ නිසයි මේ ප්‍රතිඵලය ලැබි තියෙන්නේ. අපි කියන්නේ ජනතාවට ඡන්දයක් දෙන්න කියා. දේශපාලනඥයන්ට මේ රට බාර දීලා බලා හිටියොත් ඉවරයි. අපිට වසර 2500 කට වැඩි උරුමයක් අයිති ඔප්පුවක් තියෙනවා. මේක උඩ ඉඳන් ඉන්නැතිව එළියට අරන් ඉදිරියට යා යුතුයි.