පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශපාන ආරංචි මාර්ග පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා ලබන 26 වනදා ආණ්ඩුවෙන් ඉවත් වන බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාලිත රංගේ බණ්ඩාර පසුගියදා එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දුන්නා.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඡ්‍යෙශ්ටයින් තමාව ඝාතනය කිරීමට පවා උත්සහ දැරූ බව කියමින් ඔහු පසුගිය දා නිවේදනයක් ද නිකුත් කළා.