එජාපයේ 25කට වඩා රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දෙනවා

එජාපයේ 25කට වඩා රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ඡන්දය දෙනවා
Spread the love

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක්‌ ඡන්දය දෙන්න සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දැන් තමන්ගේම පක්‍ෂය තුළින්ම විරෝධයක්‌ එල්ල වෙලා තියෙනවා. මේ විශ්වාසභංගය ගේන්න කලින් නම්බුකාර විදිහට අගමැතිවරයා තනතුර දාලා ගියා නම් හරිනේ. දැන් මේ තනතුර දාලා යන්න එතුමාගේ කැමැත්තක්‌ නැහැ. ඒ තරම් බල තණ්‌හාවෙන් ඉන්නේ. පක්‍ෂයේ නවකයකුට අගමැතිකම ප්‍රදානය කරන්න කැමති නැහැ. කොහොම වුණත් එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනකොට එතුමාට ගෙදර යන්න වෙනවා. අපිට ඕන හොඳ අවංක අගමැතිවරයෙක්‌. රටට ආදරය කරන රට සංවර්ධනය කරන අගමැතිවරයෙක්‌” යැයි ඒ මහතා මාධ්‍ය අමතා වැඩිදුරටත් කියා සිටියේය.