එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්
Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටගල ප‍්‍රාදේශීය සභාවට තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ඊයෙ (08) ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
 
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක්  කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නියලි සිටි අවස්ථාවේ එම ස්ථානයේ පිහිටි ඇයගේ නිවසට ගලකින් පහර දි ඇයට පරුෂ වචයෙන් බැන වැදුනු බව සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මිය දිඹුල පොලීසියට පැමිණිලි කර ඇත.