ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම බැඳුම්කර සිද්ධියට කිසිසේත්ම වග කිවයුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.
මේ දිනවල විපක්ෂයේ අයවලුන් හා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පක්ෂයේම කහිප දෙනෙක් රවී කරුණානායක මහතා මත වැරැද්ද පටවා ඔවුන්ගේ ගැලවිජිජාව සඳහා ඒ මහතා පක්ෂයේ දරන උපනායකධූරයෙන් ඉවත් කලයුතු යැයි පවසමින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරයන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් රවී කරුණනායක මහතා ඒ වකවානුවේ සිටි මුදල් ඇමති වශයෙන් පැවති ඡෝදනා හමුවේ සිය ඇමති කමෙන් ඉල්ලා අස්වී ලාංකීය දේශපාලන ප්‍රවාහයට මනා ආදර්ශයක් දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ ඇත.
