.එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහය වීමට යන බවට පළ වන කට කතා කිසිදු සත්‍යතාවයකින් තොර බවත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ පවතින බහුතරය අද (19) පාර්ලිමේන්තුව රැස්වූ පසුව රටට හොඳින්ම දැක බලා ගන්නට හැකිවනු ඇතැයි ඊයේ (18) පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ සංයුතිය , කාන්තා නියෝජනය ආදිය සකස් වියයුතු ආකාරය සම්බන්ධයෙන් සිරිකොත පක්ෂත මූලස්ථානයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් එජාප මැති ඇමැතිවරු මේ බව පවසා ඇත ප‍්‍රකාශ කර තිබේ.
.එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට එජාපය නියෝජනය කරන සියලූම මැති ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන්ද එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද සහභාගි වූහ.
ආණ්ඩු හදන්න පුළුවන් කවුරුන් හෝ ඉන්නවානම් ආණ්ඩු හදා පෙන්වන්නැයි, තමන් අභියෝග කරන බවත්, එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අග‍්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර වෙන කාට හෝ අගමැති වීමට ආසාවක් තිබේනම් ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වියයුතු බවත්, එජාප ලේකම් කබීර් හෂීම් මහතා මෙහිදි ප‍්‍රකාශ කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ කිසිම මතභේදයක් නොමැති අතර එකාවන්ව එක මතයක සිටිමින් බහුතරය ආරක්ෂා කරගෙන ඉදිරියට යන අතර නීත්‍යානුකූලව සහ ජන වරම අනුව ඉදිරියේදී කටයුතු කරන බව පක්‍ෂ මහලේකම්වරයා මෙහිදී පවසා තිබේ.
