එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ධ වෙද්දී කැරලි නායිකා හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්…..

එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ධ වෙද්දී කැරලි නායිකා හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්…..
Spread the love

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි මන්ත‍්‍රීවරිය විසින් කල ප‍්‍රකාශය නිසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තීරණය කර ඇති බව සංවිධානයේ ලේකම් එස්.ආර්.එම්. වික‍්‍රමසිංහ මහතා කීය.

මෙම විනය පරීක්‍ෂණයට දැඩි විරෝධය දක්වන බවත් එය පැවැත්වෙන දිනයේදී දහස් ගණනක් සමගින් සිරිකොත වැටලීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතුය යන මතයේ දැනට මන්ත‍්‍රීවරුන් 25කට වඩා සිටින බවද එම මාධ්‍ය හමුවේදී හෙලි විය.

ගරු අග්‍රාමාත්‍යතුමනි, මා පිළිබඳව විනය පරීක්ෂණය ඉතා ඉක්මනින් සිදු කරන ලෙස ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටිමි. මන්දයත් ඒ සෑම…

Posted by Hirunika Premachandra on Thursday, May 3, 2018