කැබිනට් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගෙන් එජාප පසු පෙළ මන්ත්රීවරුන් ඉල්ලා ඇති අතර මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති එජාප ප්රතිසංවිධාන කටයුතුවලදී දේශපාලන මණ්ඩලය පත් කිරීමේ ඡන්දයෙන් නවීන් දිසානායක මහතාට වැඩිම ඡන්ද ප්රමාණයක් ලැබීමයි.
පක්ෂයේ මහලේකම් ධුරයට ඇමැතිවරයකු නොවත පුද්ගලයකු පත් කළ යුතු බවට මේ වන විට එක්සත් ජාතික පක්ෂය ප්රතිපත්ති තීන්දුවක් ගෙන ඇති බැවින් හෙතෙම මහලේකම් ධුරයට පත්වන්නේ නම් දැනට දරන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන අතර මේ සම්බන්ධයෙන් ඇමැති නවීන් දිසානායක මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ පූර්ණ බලතල සහිතව පක්ෂයේ මහලේකම් ධුරය ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සිතා බැලීමට තමන් සූදානම් නමුත් තවම එවැනි ආරාධනාවක් ලැබී නොමැති බවයි.
