සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා (22) පැවසීය.
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ පැවති මාධ්‍ය හමුවකට අද පස්වරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර මහතා මෙසේද කීය.
නෙවිල් ප‍්‍රනාන්දුගේ අයිතියෙන් සයිටම් එක අයින් කරන එක තමයි මෙතන වෙන්නේ. ඒකේ වත්කම් ඔක්කොම ගන්නවා ස්ලිට් එකට. ඊට පස්සේ අලූත් අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක සෙට් එකක් එකතුවෙලා මේ අධ්‍යාපනය විකුණන වැඬේ කරනවා.
සයිටම් වලට එරෙහිව අපි මේ සතිය තුළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයත් , අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බළ මණ්ඩලයත් , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයත් , වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවත් අනෙකුත් විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකාබද්ධ කරගත් දැවැන්ත විරෝධතාවයකට යනවා. ලබන 25 වනදා කොළඹදී දැවැන්ත පා ගමනක් සිදුකරමින් මෙම අරගලය ආරම්භ කරනවා.‘
එයාලා රැවටුනාලු – යලිත් මහ පාරවල් වහනවාලු -අන්තරේ යළිත් සයිටම් සටනට
