ඒකාබද්දය හදාගෙන ආපු බලවේගය විනාස කරේ වෙන කුවුරුත් නෙමේ බැසිල් රාජපක්ෂයි…

ඒකාබද්දය හදාගෙන ආපු බලවේගය විනාස කරේ වෙන කුවුරුත් නෙමේ බැසිල් රාජපක්ෂයි…
Spread the love

ඒකාබද්ධ විපක්ෂය ගොඩනගා ගෙන තිබූ වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන බලවේගය අතරට බැසිල් රාජපක්ෂ අතරමගදී කඩා වැදී එම බලවේගය විනාශ කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  (2)දා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවැසුවාය.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයෙන් නොකඩවා දෙවතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමාට එම ව්‍යාපාරයෙන් ඉවත් වීමට සිදුවූයේ අත්තනෝමතික, ඒකාධිපති තීරණ ගන්නා විමලවීර දිසානායක නිසා බව පැහැදිලිව ප්‍රකාශ කරන බවද ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සඳහන් කළාය.
 

එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්“ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හයදෙනෙකුගෙන්. මම තමයි ඒ හයදෙනා අතර සිටි එකම කාන්තාව. ඒ ව්‍යාපාරය විසින් පැහැදිලි ජනතාවාදී දේශපාලන ගමනක් යන අතරදී පසුගිය අපේ ආණ්ඩුව විනාශ කළ බැසිල් රාජපක්ෂ ඒ මැදට කඩාගෙන වැටුණා. ඔහුට මගේ දිස්ත්‍රික්කය නියෝජනය කළ විමලවීර දිසානායකත් එකතු වුණා. විමලවීර දිසානායක හරියට “දැලි පිහිය අතට ගත් වඳුරා වගේ” කපාගෙන කපාගෙන ගියා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්දය ඉල්ලන්න තිබූ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අත්තනෝමතික ලෙස උඳුරා ගත්තා. ඒ අයිතිය වෙනුවෙන් මට දේශපාලන තීන්දුවක් ගන්න සිදු වුණා.අපි කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයකටයි පැමිණ තිබෙන්නේ. දේශපාලනඥයන් කියන්නේ යාචකයන් ‍නෙවෙයි.දෙමළ ජාතික සන්ධානය උතුරේ බලය බෙදීමක් පිළිබඳ කතා කරනවා. ඔවුන් උතුරේ ජනතාවට කිසිම දෙයක් කරලා නෑ. ඒ නිසා නව ව්‍යවස්ථාව ගැන කියලා බලය බෙදීම විකුණලයි ඔවුන්ට මේ මැතිවරණය වෙනුවෙන් උතුරේ කටයුතු කරන්න සිදු වී තිබෙන්නේ. නමුත් මේ මැතිවරණය බලය බෙදීමක්වත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනවත් අදාළ නෑ. මේ මැතිවරණය ගමට වැඩක් කළ හැකි ගමට නායකයෙක් තෝරන මැතිවරණයක් පමණයි.,/ යනුවෙන් පවසන ලදී