ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් ජනපති නිල නිවසට.

ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් ජනපති නිල නිවසට.
Spread the love

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මේ වන විට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භ වී ඇති බවත් පැවසේ. මෙම කණ්ඩායමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන මහත්වරුද ඇතුළත්වන බව වාර්තාවේ.

මෙම සාකච්ඡාවේ අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි.