පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීමේ පුවත සමාජයේ කතාබහට ලක්වෙමින් තිබේ.
මේ අතර සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව ඡායාරූපයක් සමාජජාලා වෙබ් අඩවියන්හි හුවමාරු වෙමින් පවති. එයින් දැක්වෙන්නේ ඥාණසාර හිමියන්ගේ රුවට සමාන පුද්ගලයෙකු ජම්පරයකින් සැරසී සිටින අයුරුයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩි විස්තර සොයා බැලූ නෙත් ගොසිප් වෙත අනාවරණය වූයේ මෙම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවයි. එම ඡායාරූපය කිසියම් පුද්ගලයෙකු විසින් හෝ සංස්කරණය කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එක්කර තිබෙන බව සදහන්.
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ උන්වහන්සේට සිරගෙදර තුලදි චීවරය දැරීමට නොහැකි බවත්, අනිවාර්යෙන්ම සෑම සිරකරුවෙකුටම නියමිත ජම්පරය හැඳ සිටිය යුතු බවත් ය. ඥාණසාර හිමියන් සිරගෙදර තුලදි අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද වාර්තා වේ.
සමාජජාලා වෙඩ් අඩවියන්හි ප්‍රචාරය වූ විකෘති කරන ලද ඡායාරූපය,
සැබෑ ඡායාරූපය