ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ

ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ
Spread the love

මෙවර මැතිවරණයේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලප්‍රතය, වලංගු විදේශගමන් බලපත්‍රය, රාජ්‍ය සේවක හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුන්ම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීමට වලංගු වන බව  මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැඳුනුම්පත,  සාම විනිසුරුවරුන් වෙත නිකුත්කර ඇති හැඳුනුම්පත, අපේක්ෂක හැඳුනුම්පත ඇතුළු වෙනත් කිසිදු හැඳුනුම්පතක් ඡන්දය දැමීම සඳහා වලංගු නොවන බව ද  ඒ මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.