” ඔලුවෙන් යකඩ කම්බි නවා දැනටමත් ගිනස් වාර්තා හතරක් ” අපේ රටේ අපේම කොල්ලෙක් .!

” ඔලුවෙන් යකඩ කම්බි නවා දැනටමත් ගිනස් වාර්තා හතරක් ” අපේ රටේ අපේම කොල්ලෙක් .!
Spread the love

ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් සිය කාය ශක්තියෙන් ගිනස් වාර්තා පිහිටුවන අපූරූ තරුණයෙක් පිළිබද වාර්තා වෙනවා. හඟුරන්කෙත කිතුල්පේ ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් ජනක කාංචන මුදන්නායක. සිය කාය ශක්තියෙන් මින් පෙරද ගිනස් වාර්තා තබා තිබෙන ජනක මිලි මීටර් දොළහක ඝනකමින් යුත් දඟර කම්බි විසිදෙකක්‌ තත්පර හතළිස්‌ අටක්‌ තුළ හිසෙන් නවා නව ගිනස්‌ වර්තාවක්‌ පිහිටුවීමට උත්සාහ කළේ ඉකුත් දා මහනුවරදී ය. 

මෙම ලෝක වාර්තාව ආමේනියානු ජාතිකයකු වන ආමේන් ඇඩම්ස්‌ විසින් මෙයට පෙර පිහිටුවා තිබිණි. විනාඩියක්‌ තුළ මිලිමීටර් දොළහක ඝනකමින් යුත් කම්බි දහඅටක්‌ නවා ලොව ප්‍රථම වාර්තාව තබන්නට ඔහුට හැකි විණි. 

ජනක පාසල් සිසුවකුව සිටියදී වයස අවුරුදු දහසයේදී ඇඟිලි තුඩු වලින් ටොන් නවයහමාරක බරින් යුත් කෝච්චි පෙට්‌ටියක්‌ සැතපුම් එකහමාරක දුරක්‌ ඇදගෙන යැමෙන් අනතුරුව ගිනස්‌ වාර්තාවක්‌ පිහිටුවනු ලැබීය. ගිනස්‌ ලෝක වාර්තා හතරක්‌ තබා ඇති ජනක මෙවරද සිය ශක්‌තිය මෙහෙයවීමෙන් කටයුතු කළේ ලෝකයේම අවධානය දිනා ගැනීම පිණිසය. 
 
ලෝක වාර්තා දහඅටක්‌ තබා ලෝකයේ වැඩිම ලෝක වාර්තා තැබූ මිනිසා බවට පත්වීම තම මූලික අරමුණ බවත් මේ වන විට ඉන් හතරක්‌ සම්පූර්ණ කර තිබෙන බැවින් ඉතිරි වසර දෙක තුළ තවත් ලෝක වාර්තා දහහතරක්‌ තැබීමට අපේක්‌ෂා කරන බවත් මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ 
 
“මට ඕනෑ වුණා මගේ තාත්තාගෙ අඩිපාරේ යන්න. ඔහු තමන්ගේ කාය ශක්‌තියෙන් නැඟී සිටි පුද්ගලයෙක්‌. මම පල්ලේපොල මහා විද්‍යාලයටත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් යමින් අධ්‍යාපන කටයුතු කළා. ඒ පාසල්වලදී මම හෙල්ල සහ යගුලිය විසිකිරීමේ ක්‍රීඩා ඉතාම ආසාවෙන් කළා. මගේ මේ ගමනේ ඇරඹුම එතන. වයස අවුරුදු දොළහෙ ඉඳන් උදේ පැය දෙකක්‌ සහ හවස පැය හතරක්‌ පුහුණු වෙනවා. පුංචි කාලේ ඉඳන්ම මම බැලුවේ කායශක්‌තිය විදහාපෑ හැකි යමක්‌ කරන්න…. දැන් මම ඒ අරමුණ සාක්‌ෂාත් කළ තැනට ආවා කියලා මට හිතෙනවා…” ලෙසය.