තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.
සිද්ධිය පිළිබඳ තලංගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
ගිනි අවියක් ද අතැතිව මෙම කාන්තාව සහ පළාත් සභා මන්ත්‍රීවරයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.
https://youtu.be/0yh492EAxDI


