මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන කව්රුත් ආදරය කරන ටෙලි නාට්‍ය දෙකක් වන සිඳු සහ දෙවනෙි ඉනිම වෙනුවෙන් පසු ගිය දිනවල පැවති සම්මාන උළෙලවල් වලදී සම්මාන රාශියක් හිමි වුනා.
ජනතා සම්මාන උළෙලේදී සහ රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියන්ට හිමි සම්මාන දෙවැනි ඉනිමේ සමල්කා සහ දෙව්මි චරිත වලට දායක වුන ශනුද්‍රි සහ නයනතාර හිමි කර ගැනීමට සමත් වූනත් ඔවුන්ට එම සම්මාන හිමි කර දුන් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය අමතක කර තිබෙන බවට දෙවෙනි ඉනිම ටෙලි කතාව රචනා කළ සමන් එදිරිමුණි සිත් තැවුලෙන් මෙසේ කියා තිබුනා.
පසුගිය Peoples awards උළේලෙදී ඔබ රචනා කළ නාට්‍ය නියෝජනය කරමින් සම්මාන ලැබුණා නේද?
නිර්දේශ වුණා මං හිතන්නෙ ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත් වුණේ සිඳු ටෙලි නාට්‍ය දෙවන වතාවටක්

සිඳු ඔබ රචනා කරන්න පටන් ගත් නාට්‍යයක්, නමුත් ඔබ එය රචනා කිරීම අතරමගදී නවතා දැමුමා පසුතැවීමක් නැද්ද ඒ ගැන?
පීපල්ස් අවොඩ් එකට ඔය කියන සමීක්ෂණය පැවැත්වෙන්නේ මම එය රචනා කරන කාලෙදීම තමයි ඒ ගැන ඇත්තටම මට තියෙන්නේ සතුටක් පිට පිට දෙවතාවක් ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත්වූ නිර්මාණයේ රචකයා වීම. නමුත් පසුතැවීමක් තියෙනවානම් තියෙන්නේ සිඳු කතාව පටන් ගනිද්දි මගේ හිතේ තිබුණු අරමුණ කරා සිඳු ලඟා නොවීම නිසා පමණයි ඒක මම ලිව්වේ ළමයින්ටත් රසවිඳිය හැකි පවුලේ ටෙලිනාට්‍යයෙක් ලෙස

ඔබ කියන්නේ දැන් ඒ නාටයේ එහෙම රසයක් නැහැ කියලාද?
රසය කියන එක නෙවෙයි අරමුණ කියන එක ගැන මං කියන්නේ විවිධ රසයන් විවිධ අය ගාව තියෙන්නේ මං දීපු රසය නෙමෙයි දැන් තියෙන්නේ කියන එක ඉතින් ඕන කෙනෙක්ට පැහැදිලිනේ එකේන් මං අදහස් කරන්නේ නෑ එක රස නෑ කියලා මං කියන්නෙ මම සිඳු නාට්‍ය ඔය කියන විදිහේ අදහසකින් ලියපු නාට්‍යක් නෙමෙයි.

ඔබ ඊළගට ලියපු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය වෙනුවෙනත් සම්මාන ලැබී තිබෙනවා. ඒ ගැන ඔබ ඉන්නේ ආඩම්බරයෙන් වෙන්න ඇති?
හොඳම නිළියන් ලෙස ශනුද්‍රිට සහ නයනතාරාට ජනතා සම්මාන ලැබුණු බව ආරංචි වුණා. සුබ පතනවා ඔවුන්ට.

ආරංචි වුණා කියන්නේ ඔබ හරියටම දන්නේ නැද්ද?
නෑ. මං දැක්කා දෙරණ ටීවි එකේ දානවා ඔය වෙනකොට සමාජ ජාලත් තහණම් කරලා තිබුණා නිසා ටීවි එකෙන් තමයි දැක්කේ

සම්මාන ලැබූ අය ඔබට කතා කළෙවත් නැහැ කියලද ඔබ මේ කියන්නේ?
එහෙම හොඳ පුරුදු තියෙන නළුවන් සහ නිළයන් ලංකාවේ ඉන්නේ හරිම අතළොස්සයිනේ මට නම් එහෙම කවුරුත් කතා කරලා කිව්වේ නෑ කතා කරන්න දෙයකුත් නෑ ඉතින් මම කරපු දෙයකුත් නෑනේ ඒ වෙනුවෙන්

ඔබ ඒ ජයග්‍රහණය වෙනුවෙන් කිසිත් කළේ නැති වෙන්න බැහැ ඔබගේ රචනාව තුළයි ඔය චරිත බිහිවෙන්නේ කිව්වොත්?
මාත් එහෙම හිතනවා අධ්‍යක්ෂතුමත් එහෙම හිතනවා සමහර විට ඒක මේ මමයි සාරංගයි දෙන්නා විතරක් හිතාගෙන ඉන්න මනස්ගාත දෙයක් වෙනනත් ඇතිනේ. ඔවුන් අති දක්ෂ නිළියන් මම නම් අද ඊයේ යාන්තං ටෙලිනාට්‍ය දෙකක් ලියාගෙන උඩට ආපු මනුස්සයෙක්

ඔවුන් සාරංගට කතා කරලත් නැද්ද?
සාරංග මගෙන් ඇහුව මචං මෙහෙම ආරංචියක් තියෙනවා ඇත්තද කියලා ඒ වෙද්දි සාරංග ලංකාවේ හිටියේත් නෑ කිසි දෙයක් දන්නේ නෑ නේ අපි දෙන්නා මේක නිකං අපිට නොදැනි ටිකට් එකක් අදුනා වගේ හරිම සතුටුයි මොකද අපි දෙන්නා කරන ටෙලි නාටයේ චරිතනේ අප්පා

හැබැයි සිඳු වෙනුවෙන් ලැබිච්ච සම්මානය ගැන නම් ඔබ දැනුවත් කළාලු නේදු?
ඔවි චරිත් කොතලාවල මහතා කතා කරලා කිව්වා සිඳුට සම්මානයක් ලැබිලා තියෙනවා. ඒක ගන්න යමු කියලා, මං කිව්වා සිඳු කියන්නේ දැන් මට අයිති දෙයක් නෙමෙයි කියලා. අතහැරියට පස්සෙ නැවත හරී බැලීමක් මගේ ජීවිතියේ නෑ කිසිම දෙයක් ගැන

ඔබ කලින් කීවා අපේ රටේ හොඳ පුරුදු තියෙන නළු නිළියන් හරිම අඩුයි කියලා ඔබ එහෙම කියන්කේ සමිමාන ලැබූ බව නිකමටවත් නොකී දුකට වෙන්න ඇති
දුකක් නම් නැහැ පුදුමයක් මිස
දුකක් නම් නැහැ පුදුමයක් මිස
පුදුමය මොකක්ද?
ඔවුන්ට දෙවැනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං දෙවැනි ඉනිම කණ්ඩායම සියඹලා ගෙනැල්ලා තිබුණෙම නැද්ද යකෝ එතකොට කියලා මට තනියම හිතුණා.

මේ සිත් රිදවීම් එක්ක දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයන්ට ආදරණීය නිර්මාණයක් නැති නොවෙයි නේද?දෙයියම්පල්ලා සිත් රිදවීම් නම් නැහැ අපි මේ ගමන යන්නේ කරන්නේ මොනවද කියලා හරියට දැනගෙන ලංකාවේ ඉදිරි වසර 10 තුළ ට්‍රෙන්ඩ් එක හදන්නේ අපි දන්නවා ඒක කරන විදිහ. නයනතාර, ශනුද්‍රි රවීන් කෙෂාන් ලංකාවේ සම්මාන ගන්න ජනප්‍රියතම නළුවන් නළියන් බවට පත් කරනවාමයි කියන එක මම දෙවෙනි ඉනිම පටන් ගනිද්දි මගේ ඔළුවට දාගත්තු ඉල්ක්කයක් එක් දන්නේ මම විතරක් නෙවෙයි ඔය සමහර නළුවන නිළියන්ට මං ඒක කියලා තියෙනවා. ඔවුන් දන්නවා ඔවුන් ආවේ කොයි පාරෙද කියලා මේ සම්මාන ලැබෙන්නෙ පුද්ගල චරිතවලට නෙමෙයි මම ඕන ඔට්ටුවක් දානවා මේ සම්මාන ලැබුණේ දෙව්මිට සහ සමල්කාට එක් කවුරු පිළිගත්තත් නැතත් ඇත්තක්
ඔබ කියන්නේ ඒ සම්මාන ඔබ විසින් මවලා දුන්න චරිතවලට හමිවුණ දේවල් කියලාද?
චරිත හදන්නේ අපි රඟපාන්නේ ඔවුන් මේක ටීම් වර්ක් එකක් ජන විඥානය හැසිරෙන විදිය තේරුම් ගත්තාම ඒක සරල වැඩක් මිනිස්සු ආදරය කරන්නේ පුද්ගල චරිතවලට නෙමෙයි. මිනිස්සු මට වඩා ආදරෙයි මං හදාපු චරිත වලට සෝරත පොඩි හාමුදුරුවන්ට මුළු ලංකාවක් ආදරය කළා. චරිත ලියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි ඒවා ඉබේ වෙන දේවලුත් නෙමෙයි

ඔබ නිර්මාණවලට මවන්නේ ඔබ වටා සිටන චරිතද?
මම මහණ වුණොත් සෝරත වගේ වෙයි. නාකී වෙද්දි ලොකු හාමුදුරුවෝ වගේ වෙයි. ආදරේ කළොත් අවන්ත වගේ වෙයි මගේ කෙල්ල සමල්කා වගේ වෙනවට මං ආසයි මගේ මාමා ආනන්ද එයා ඇත්තටම ජීවත් වෙනවා මං පොඩි කාලේ පන්සල් ගියේ සිරිනාග විහාරයට සිඳු එකේ පන්සලේ නම ඒක පොඩි කාලේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ සෝරත පොඩි හාමුදුරුවෝ උන්නාන්සේ තාම ඉන්නවා. දැන් නම් ආස්සරයන් නෑ ඉස්සර තරම් සමල්කා වගේ කෙල්ලෙක් මං ආශ්‍රය කරලා තියෙනවා දෙව්මි වගේ නෑනලා මට ඉඳලා තියෙනවා. මයිකි සහ චබී කියලා කියන්නේ ඇත්තටම අපිත් එක්ක ඉස්කෝලේ ගියපු උන් මයික් නම් ඉතිං ඔය ඉන්න මයික්ම තමයි දෙනුවනාව මම දන්නේ වේල්ස් කුමාරේ උසස් පෙළ කරන කාලේ. ඒකා ඒ කාලෙත් පිස්සා දැන් වගේම හරිම ආදරණිය චරිතයක් මං ලියන්නෙ මගේ ජීවිතේ මට අහුවෙච්ච දෙවල්. එකයි මං කියන්නේ මේක සෙල්ලමක් නෙමෙයි චරිත කියන්නේ චරිත මං ලියන චරිත බොරු ඒවා නෙමෙයි මවපුවා නෙමෙයි ඇත්තටම පවතින මහපොළොවේ ඒවා බව මගේ හදවත දන්නවා ඒකයි මිනිස්සු ඒවට ආදරේ

රයිගයම් ටෙලි සම්මාන උළෙලට ගියෙත් නැද්ද?
එක් අංකයකින් එක් මනාපයක් පමණක් පිළි නොගන්නා කිසිම සම්මාන උළෙලක කිසිම සම්මානයක් මා පිළිගන්නේ නෑ සම්මානයක් කියලා එය තනිකරම හොර ඡන්ද දාලා පාර්ලිමේන්තු ගිහින් ජනතා නායකයා කියලා තමන්ම කියාගන්නවා වගේ වැඩක් මම දන්නේ නෑ රයිගම් එකේ එක අංකයකින් එක මනාපයද පිළිගන්නේ කියලා දන්න විදිහට නම් සම්මානවලට නිර්දේශ නම්වලට එස්.එම්.එස් ගැහිල්ල බිස්නස් එකක් මොබයිල් කොම්පැනියයි සම්මාන උළෙලේ කොම්පැනියයි සම්මාන උළෙලේ සංවිධායකයොයි ඒ සල්ලි ටික බේදාගන්නවා හැම සම්මාන උළෙලකම මනාප මගඩිය කියන්නෙ ඕකට එකම එක දවසක් මම ගියා ඔය සම්මාන උළෙලකට නොදැනුවත්කමට ආයි නම් යන්නේ නෑ