ඕ ලෙවල් ෆේල් මෝඩයා මොනවද තාක්ෂණය ගැන දන්නේ? ඇමති රාජිත විමල්ගේ රෙදි ගලවයි.

ඕ ලෙවල් ෆේල් මෝඩයා මොනවද තාක්ෂණය ගැන දන්නේ? ඇමති රාජිත විමල්ගේ රෙදි ගලවයි.
Spread the love

අද පාර්ලිමේන්තු සභාව ඉතා උණුසුම් වී තිබෙන අතර එහිදී  අමාත්‍ය රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනා

“අද උදේ මෙයාලා මහ ලොකුවට කිව්වේ ජාතික ආණ්ඩුව නෑ කියලා.  දැන් මේ තියෙන්නේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම කිව්වේ නෑ කියලා මහින්ද අමරවීර මහතා කියලා තියෙනවා“.  යනුවෙන් දුරකතනය දෙස බලාගෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා යම් ලේඛණයක් ගැන කියනවා නම් සභාගත කරන්න කියන්න. 

රාජිත – මෙතුමා තාක්ෂණය ගැන දන්නේ නෑ. මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න.

විමල්  – මේ කැබිනට් ප්‍රකාශක කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. මම හෙට ඉල්ලා අස්වෙනවා.

රාජිත  – ඇයි ඒලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕනා ඕලෙවල් පාස් වෙන්න. 

ඉතා උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මේවනවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විවාදයේ අදහස් දක්වමින් සිටින අතර යහපාලන ආණ්ඩුව නොවෙනස්ව ඉදිරියට යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලා.