කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් පසුගිය 12 වෙනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වුනා.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා මෙයට සම්බන්ධ බව අනාවරණය කරගෙන තිබු අතර තවත් කරුණු විමර්ශණය කරගෙන යාමේදී මෙම සිදුවීම පිටුපස දේශපාලණ හස්තයක්ද ක්‍රියාත්මක වී ඇති බවට අපට තොරතුරු වාර්තා විය..
පසුගිය කාල සමයේ ගෝඨාභය රාජපක්ෂගේ කතරගම මාළිගය පිළිබද කොබවක ධම්මින්ද නාහිමියන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරවුවත් සමගින් මහත් සේ කිපුණු ජනපති සිහිනය දකිනා මෝරන් සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන රාජපක්ෂවරයෙක් සමග ඒක්ව පසුගිය සිදුවීමක වෛරයක් පිරිමසා ගැනීමට කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නැමැත්තා මෙය සිදුකර ඇති බව සදහන්…
ඒ් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (13) පස්වරුවේ සැකකාර කපුවාගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ෂොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදාගන්නා ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් සහ කඩු දෙකක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරු තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු මේවන විට ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවයි සදහන් වන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ ස්වාමීන් වහන්සේ මේ වනවිට කොළඹ පුද්ගලික රොහලක ප්‍රතිකාර ලබනවා.

