මෙරට සිදුවූ දෙවන හදවත් බද්ධය කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ සචිනි සෙව්වන්දි තරුණියගේ අවසන් කටයුතු ලබන බදාදා(04) සිදු කිරීමට නියමිතයි.
ඒ අලුත්ගම පොදු සුසාන භූමියේදී.
වෛද්‍යවරුන් දෙපිරිසක් අතර සිදුවුවා යැයි කියන මත ගැටුම් තත්වයක් නිසා සැත්කම ඇරඹීම ප්‍රමාද වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.
මහනුවර මහ රෝහලේදී පසුගිය විසිහය වැනිදා මෙම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවූ අතර පසුගිය තිස් වෙනිදා ශල්‍යකර්මයට ලක් වූ සචිනි අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණා.
දහනව හැවිරිදි සචිනි සෙව්වන්දිගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇගේ පියා පවසන්නේ ද වෛද්‍යවරුන් දෙපිරිසක් අතර කඹ ඇදීමක් නිසා නොසැලකිලිමත්කමින් මරණය සිදුවූ බවට සැක ඇති වන බවයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ද සචිනි සෙව්වන්දිගේ දේහයට අවසන් ගරුත්වය දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ ඉල්ලීම් කර තිබෙනවා.


