කරුණා අම්මාන් ගැන ‘මහින්ද’ කට අරී – යහපාලනයේ පතුරු අරී

කරුණා අම්මාන් ගැන ‘මහින්ද’ කට අරී – යහපාලනයේ පතුරු අරී
Spread the love

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේදී දමිළ මාධ්‍යවේදීන් සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී සඳහන් කළා.

පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුළත උතුරු – නැගෙනහිර පළාත්වල කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් සිහිපත් කළ අගමැතිවරයා 2005,  2010 තම රජය පැවති සමයේ දී උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව ද මෙහිදී සිහිපත් කළ අතර එම පළාත්වල ජන ජීවිතය යහපත් කිරීමට සැලසුමකින් යුතුව වත්මන් රජය ද ක්‍රියා කරන බව අගමැතිවරයා පෙන්වා දුන්නා.

එසේම උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා තම රජය ප්‍රමුඛතාව ලබාදෙන බව ද අගමැතිවරයා මෙහිදී සදහන් කළා.

එහිදි ඉන්දියාවෙන් පැමිණෙන බෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවයි.