කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….

කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….
Spread the love

පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු  කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 

 ඔවුන් සන්තකයේ තිබී කසිප්පු ලීටර් 25.25ක් සීනි කරිඤ්ඤං ලීටර් 50ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.