කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….
Spread the love
පාතාල සාමාජිකයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කරමින් කළුතර ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට සිදුවූ වෙඩි තැබීමට අදට (27) වසරක් සම්පූර්ණ වනවා.

එහෙත් මෙම වෙඩි තැබීමෙන් මියගිය හෝ තුවාල ලැබූ නිලධාරින්ට මේ දක්වාත් කිසිඳු වන්දියක් ලබා දී නැහැ.

බන්ධානාගාර නිලධාරීන් දෙදෙනෙකුද මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අතර තවත් නිලධාරියෙකුගේ පාදයක් කපා ඉවත් කිරිමට සිදුවුණා.

වෙඩි තැබීම සිදුවී දින කිහිපයක් ගතවූ අවස්ථාවේ බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කළේ එලෙස මියගිය නිලධාරීන්ට වන්දියක් මෙන්ම ජීවත්ව සිටියේ නම් ඔවුන්ගේ විශ‍්‍රාම වයස පැමිණෙන තෙක් ඔවුන්ට හිමි වැටුපද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දීමටයි.

ආබාධිත වූ නිලධාරියාට සහ තුවාල ලැබූ සෙසු නිලධාරින්ට වන්දි ලබා දීමටද එහිදී තිරණය කෙරුණා. එහෙත් ප‍්‍රකාශිත එම කිසිඳු ප‍්‍රතිලාභයක් මේ දක්වා ලැබී නොමැති බවයි මිය ගිය නිලධාරියෙකුගේ භාර්යාව අප වෙත කියා සිටියේ. 

අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. එහි ඉහළ නිලධාරියෙකු පැවසුවේ මියගිය නිලධාරීන්ට වන්දි සහ වැටුප් ලබා දීමට අදාළ සියලූ තොරතුරු අමාත්‍යාංශයට යවා ඇති බවයි. ආබාධිත වූ සහ තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි ලබා දීම සඳහා වූ තොරතුරුද අමාත්‍යාංශයට යවා ඇතැයි ඔහු පැවසුවා.

මේ අනුව අදාළ නිලධාරින්ට තවමත් වන්දි ලබා නොදීම සම්බන්ධයෙන් අප බන්ධනාගාර හා පුනුරුත්තාපන අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි ලේකම් පී. සුරේෂ් පැවසුවේ කරුණු සොයා බලා මේ පිළිබඳ අද දිනය ඇතුළත පිළිතුරක් ලබා දෙන බවයි.