මෙවර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාව පවතින කණ්ඩායම් පිළිබඳ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අනාවැකි පළ කර තිබෙනවා.
පසුගිය වර මෙන්ම ඉන්දියාව ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් තිබේ යැයි පවසන සංගක්කාර ඔවුන්ගේ වේගපන්දු බලඇණිය ශක්තිමත් යැයිද පවසා තිබෙනවා.
සත්කාරක එංගලන්ත කණ්ඩායමටද මෙවර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවද සඳහන් කළ සංගෙක්කාර පසුගිය කාලයේ ඉතා වේගයෙන් සංවර්ධනය වූ කණ්ඩායමක් ලෙසද එංගලන්තය නම් කළේය.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පිළිබඳද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ එම කණ්ඩායම් වලටද ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඇති බවය.
එමෙන්ම ඉන්දියාව ඕස්ට්‍රේලියාව දකුණුඅප්‍රිකාව එංගලන්තය තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවද සඳහන් කළේය
ප්‍රධාන තරඟාවලි වලදී ශ්‍රී ලංකාව සුවිශේෂි දක්ෂතා දක්වන කණ්ඩායමක් යැයි පවසන සංගක්කාර බොහෝ දෙනා බලාපොරොත්තු නොමැති කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට යෙදන පීඩනය අඩු බවද සඳහන් කළේය.
[rns_reactions]