ක්‍රිකට් ලිලිපුට්ටන්, ලොව හොල්ලපු ගලිවර්ලා සම කරයි …

Spread the love

ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානය සහ කොදෙව් දේශය යනු සංසන්දනය කල නොහැකි තරම් ක්‍රිකට් ඉතිහාසය අනුව වෙනස් කම් ඇති කණ්ඩායම් දෙකකි.

කොදෙව්වන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයේ හිමි තැන අනුව කොදෙව්වෝ ක්‍රිකට් ගලිවර්ලා නම් ඇෆ්ගනිස්ථානය ලිලිපුට්ටන්ය.නමුත් ඉතිහාසයේ අභිමානය කෙලෙසාගෙන ඇති ක්‍රිකට් ගලිවර්ලා දැන් කලක පටන් සිටින්නේ ක්‍රිකට් ළදරුවන් සමඟය.

අනෙකුත් ක්‍රිකට් ලෝකයේ ප්‍රබල කණ්ඩායම් චැම්පියන්ස් කුසලානය ක්‍රීඩා කරද්දී කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රිකට් තරඟාවලියකට එක්වේ.කොදෙව් දේශයේ පැවති එක්දින තරඟාවලිය 1-1 ලෙස සම කර ගැනීමට අද ඇෆ්ගනිස්ථානය සමත් විය.

තරඟාවලියේ පළමු තරඟයේ ජය ඇෆ්ගනිස්ථානය සතු වූ අතර දෙවන තරඟය කොදෙව්වන් ජය ගැනීමට සමත් විය.

තරඟාවලිය තුල සාර්ථකම පිතිකරුවා වුයේ ඇෆ්ගන් ක්‍රීඩක ගුලබ්දීන් නබී  වූ අතර දෙවන වැඩිම ලකුණු ලාභියා වුයේද ඇෆ්ගන් ක්‍රීඩකයෙකු වූ ජාවෙඩ් අහමදි ය.

දක්ෂතම පන්දු යවන්නා වුයේ ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන් ය.රෂීඩ් තරඟ දෙක තුලදී කඩුලු 10 බිද දැමීමට සමත්වීම කැපී පෙනේ.

[rns_reactions]