ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත්වීමට ජපානය ඊයේ (19) සමත් වුණා.
ඒ ප්‍රබල කොලොම්බියානු කණ්ඩායම සමග රුසියාවේ මොර්ඩෝවියා එරීනා ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයගැනීමත් සමගයි.
තරඟයේ පළමු අර්ධය දෙපිලම ගෝල එක් ගෝලය බැගින් ලබාගෙන අවසන් වූ අතර, දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම දැඩි සටන්කාමීත්වයක් ප්‍රදර්ශණය කළ නමුත් ජපානයේ ප්‍රහාරකයා වන යුයා ඔසාකා ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගයේ ජයග්‍රහණය ජපානයට හිමිවිය.
තරඟයෙන් අනතුරුව ක්‍රීඩාංගණයට රැස්ව සිටි ජපාන ප්‍රෙක්ෂකයන් ඔවුන් සිටි ස්ථාන පිරිසිදු කරන අයුරුද දැකගත හැකිවූ අතර එය බොහෝ දෙනාගේ ප්‍රශංසාවටද ලක්ව තිබේ.