අද පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක් අමතමින් 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසට ආරාධනා කරන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
එක් එක් පුද්ගලයින්ගේ අතකොළු නොවි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රගතිය සඳහා එක්ව කටයුතු කල යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතිව කටයුතු කරන බවට එක් අවස්ථාවකදි ප්‍රකාශ කරමින් තවත් අවස්ථාවකදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු කරමින් 16 කන්ඩායමේ මන්ත්‍රීවරුන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතු හෙට්ටිගම මහතා එම අවස්ථාවේදි ප්‍රකාශ කර තිබේ.