කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඇඟවෙන ලිංගිකත්වය

කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඇඟවෙන ලිංගිකත්වය
Spread the love

කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි.

එම පර්යේෂණය සඳහා විද්‍යාඥයෝ ඔවුන්ගේ ඇඟිලිවල දිග මැන බැලූහ.

පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය.

පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති.

එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත.

Length of ring and index fingers of women 'linked to sexuality'
පුරුෂයන් මෙන්ම කාන්තාවන් තුළ ද “පුරුෂ” හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් දැකිය හැකිය

පුරුෂයන් මෙන්ම කාන්තාවන් තුළ ද “පුරුෂ” හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් දැකිය හැකිය. කාන්තා ගර්භාෂය තුළ මෙම පුරුෂ හෝමෝනය අඩු වැඩි වශයෙන් තැන්පත් වී තිබෙන බව විද්‍යාඥයෝ පවසති.

“බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්” යැයි එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය. ඔහු මෙම පර්යේෂණයේ ලේඛකයාය.

කාන්තාවන්ගේ ලිංගික කැමැත්තට ඔවුන්ගේ ගර්භාෂයේ තැන්පත් වී තිබෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රමාණය බලපාන අතර, එයට එක් එක් පුද්ගලයන්ගේ ශරීර ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් වේ. වැඩි ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් බොහෝ විට සමලිංගික හෝ ද්විලිංගික වීමේ ප්‍රවණතාවක් තිබේ.

“ඇඟිලිවල දිග සහ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය අතර ඇති සම්බන්ධතාව නිසා, යම් කෙනෙකුගේ අත් දිහා බලලා ඇයගේ ලිංගිකත්වය ගැන ඉඟියක් ලබා ගන්න පුළුවන්.”

Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබේ.

By BBC SANDESAYA