කාන්තා නියෝජනය 25%ක් කලද කාන්තා අපේක්ෂිකාවන්ට නින්දා අපහාස වැඩිවෙලා

කාන්තා නියෝජනය 25%ක් කලද කාන්තා අපේක්ෂිකාවන්ට නින්දා අපහාස වැඩිවෙලා
Spread the love

මෙවර පළාත් පාළන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%ක් බවට පත්කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළද, මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂිකාවන්ට බොහෝ නින්දා අපහාස විඳීමට සිදුව තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ඊයේ(28) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකශ කළේය. ෙ

මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් හා විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් කාන්තා අපේක්ෂිකාවන්ට අපහාස වන අකාරයට කටයුතු කරන බවද‍ සමහර පුද්ගලයන් කාන්තා අපේක්ෂිකාවන්ට ඡන්දය ලබා නොදෙන ලෙසට ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.