කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට

කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට
Spread the love

අද පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.
 
 මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට්‌ අමාත්‍ය ධුර ලබා නොගන්නා බවත් එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක්‌ විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්‌.බී. දිසානායක මහතා එහිදී කියා සිටියේය.

ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක්‌ වෙමින් නව කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.