කැබිනට් මාරුව අස්සේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රටින් ගිය හේතුව මෙන්න…

කැබිනට් මාරුව අස්සේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රටින් ගිය හේතුව මෙන්න…
Spread the love
කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන අද (25) දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු විදේශ ගතවීමට පියවර ගෙන තිබෙනවා.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (24) රාත‍්‍රියේ  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වුණා.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ මතය වී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කළ යුතු බවටයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ගත් තීරණයට තිලංග සුමතිපාල ප‍්‍රමුඛ මෙම ජ්‍යෙෂ්ඨයින් විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නව කැබිනට් සංශෝධයට විරෝධය දැක්වීමක් ලෙසයි තිලංග සුමතිපාල හා සුසිල් පේ‍්‍රමජයන්ත් විදේශගත වීමට තීරණය කර ඇත්තේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම එක් කිරීම සඳහා තිලංග සුමතිපාල විසින් ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කළ බවයි දේශපාලන ආරංචි පැවසුවේ.  

ඒ අතරම 

අමාත්‍ය අර්ජුන රණතුංග අද (25) දින අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. – 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබෙනවා..

අමාත්‍ය සරත් අමුණුගම අද (25) දින දහවල් 2.35 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L. – 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර අද (25) දින දහවල් 12.50 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය බවත් සඳහන්.