මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය….
“බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට විරුද්ධව කටයුතු කළා. හැමදාම එතුමා ගැන බොරු ප්‍රවෘත්ති මවලා, ගොතලා ඉදිරිපත් කළා. ට්‍රම්ප් මැතිතුමා මේකට හොඳ වචනයක් හැදුවා ෆේක් නිවුස්. (Fake News) එතුමා ජනතාව ඉදිරියට ගිහින් මේ ගැන කරුණු කිව්වා. 99 ක්ම මාධ්‍ය එරෙහිව ඉඳලත් එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ජනතාව ඒ දේ තේරුම් ගත්තා. ඒ නිසා මම මාධ්‍යයට කියනවා ඔබට සීමාවක් තියෙන්න ඕනේ, සීමාව ඉක්මවා ගියොත් ජනතාව පෙබරවාරි මාසේ 10 වෙනිදා උත්තරයක් දෙනවා. එදාට මේ රටේ සමහර මාධ්‍යවලට අමතක නොවෙන පාඩමක් එක්සත් ජාතික පක්ෂය උගන්වනවා කියන එක මම කියන්න කැමැතියි.
මේ ජනාධිපතිතුමා පත් කරන්නත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ආණ්ඩුව හදන්නත් ශක්තිය ලැබුණේ කන්ද උඩරටින්. පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් ඡන්ද විශාල ප්‍රමාණයකින් මහනුවර ජයග්‍රහණය කළා. මේ පළාත් පාලන මැතිවරණයේදීත් කන්ද උඩරට තියෙන සෑම සභාවක්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.”
