කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ වෙසක් තොරණ කඩා වැටීමෙන් වාහන කිහිපයකට අලාභහානි සිදුව ඇති බව පොලීසිය පවසයි.
අදාළ සිද්ධියෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුව නොමැති බවත් අසල තිබූ වාහන 4ට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
මේ අතර මහරගම නගරයේ ඉදිකර තිබෙන තොරණද ඇලවීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඒ අවට නවතා තිබූ වාහන ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
[rns_reactions]