කිලිනොච්චියේ දිවියා මැරීමේ සිද්ධිය පාර්ලිමේන්තුව හෙළාදකී

කිලිනොච්චියේ දිවියා මැරීමේ සිද්ධිය පාර්ලිමේන්තුව හෙළාදකී
Spread the love

කිලිනොච්චියේදී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක්  කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම අමානුෂික ක්‍රියාව හෙළා දකිමින් වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් කළ ඉල්ලීමෙන් පසුවය.