කුණු දැමීමට ඉඩ නොදුන්නාට අධි පීඩන ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාරයක්

Spread the love

කොළඹ නගර සභාවේ කුණු තම ගම් ප‍්‍රදේශයට බැහැර කිරීමට විරෝදය පල කරමින් විරෝධතාවයේ යෙදුනු දොම්පෙ ප‍්‍රදේශවාසීන් එලවා දැමීම සදහා පොලිසිය විසින් අධි පීඩන ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ නගරයේ කුණු ලොරි 10ක් මෙම ස්ථානයට ගෙන ඒමත් සමග එහි තත්වය උණුසුම්කාරී විය.

උදෑසන කාලයේ සිටම මෙම පිරිස විරෝධයේ යෙදුනු අතර පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු බල ඇණි කිහිපයක්ම එහි සිටියේ ජල බවුසර්ද සහිතවයි.

[rns_reactions]