බැදුම්කර මගඩිය නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්දය දෙන්න. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මොරටුවේ පැවැති ජන හමුවක් අමතමින් එසේ කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීය. මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට ආයි හම්බුවෙන්නේ නැහැ. ඒ නිසා ඔහුව අපි රැකගන්න ඕනේ..
මම කියන්නේ නෑ මේ ආණ්ඩුවේ හොරු නෑ කියලා. කවදාවක්වත් මේ ලෝකෙ හොරු නැතුව යන්නේ නැහැ. ඒත් හොරු අල්ලන; හොරුන්ට විරුද්ධව කොමිෂන් තියන; හොරකම් අවම කරන ආණ්ඩුවක් මේක. ඒ කාලේ ජනාධිපතිවරයා මොකද කළේ; හොරකම් අඩුකළාද? නැහැ; හොරුන්ගේ ෆයිල් හැංගුවා. ඒහින්දයි මම කියන්නේ ආයෙත් අර “පෝරිසාදයට” නම් එන්ඩ දෙන්න එපා කියලා.


