කුප්‍රකට මන්ත්‍රී නාමල්ට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ සාක්ෂි විභාගය අද ඇරඹේ

කුප්‍රකට මන්ත්‍රී නාමල්ට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ සාක්ෂි විභාගය අද ඇරඹේ
Spread the love

මුදල් විශුද්ධීකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ සාක්ෂි විභාගය අද (20) ආරම්භ වුණා. ඒ කොළඹ මහාධිකරණයේදීයි. නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුජානි බොගොල්ලාගම හා ඔනෙලා ඉරේෂා ද සිල්වා මහාධිකරණයේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු පැවුසවේ.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික  සමාගම හරහා විශුද්ධීකරණ කළේ යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබෙනවා.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතා අධිකරණය හමුවේ පැවසුවේ හෝවල් කන්ස්ට්රවක්සන් පුද්ගලික සමාගම විසින් නිකුත් කල රුපියල් මිලියන 30 ක් වටිනා චෙක්පතක් මාරුකර කරන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරකු වන ඉංදික කරුණාජීව නැමැත්තා තමාට ඉල්ලීමක් කළ බවයි.

ඉන්දික කරුණාජීව පසුගිය සමයේ ප්‍රබල පුද්ගලයින් හදුනන බැවින් තමා එය මාරු කිරීමට අකැමැති නොවුණු බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පවසා තිබෙනවා. ඒ අනුව එම චෙක්පත මාරු කොට ඉන් රුපියල් මිලියන 24ක් බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ ගිණුමේ තැන්පත් කළ බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

පසුව ගවස් කෝපරේට් සමග විසින් එවා තිබූ ඉන්වොයිස් පත්රද පහක් මගින් ඉල්ලා සිටි පරිදි අවස්ථා පහකදී එම මුදල් නැවත  ගවස් කෝපරේට් සමාගම වෙත ගෙවීම් කල බව සාක්ෂිකරු කියා සිටියා.

තම සමාගම මෙගා වෝට් 100 ක සුළං විදුලි බලාගාරයක් ව්යාගපෘතියක් ඉදිකිරීම් කටයුත්තක් සදහා ගවස් කෝපරේට් සමාගමෙන් ලබා ගත් සේවාවන් සදහා වූ බවට සදහන් ඉන්වොයිස් පත් සදහා එම මුදල් අවස්ථා පහකදී ගෙවූ බව සාක්ෂිකරු පැවසුවා.

එවැනි ව්යාසපාරික ගණුදෙනුවකට තම සමාගම කිසි අවස්ථාවකදී සම්බන්ධ නොවුණු බව සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා.

වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 30දාට කල් තැබීමට මහාධිකරනය අද (20) නියෝග කළා.