කුපාම මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා පොහොට්ටුවෙන් ජනරැලි මාලාවක්..

කුපාම මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා පොහොට්ටුවෙන් ජනරැලි මාලාවක්..
Spread the love

ඉදිරි මාස හය ඇතුළත මහින්දට විපක්ෂ නායක කම ලබාදෙන ලෙස ඉල්ලා නැවතත් ජනරැලි මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජනපදනම මතින් විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීම මෙහි අරමුණ බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා පක්ෂ නායකයන් එක්ව පසුගිය දිනවල සිදුකළ සාකච්ඡාවලදී මේ සම්බන්ධව අවධානය යොමුවී තිබේ.

කොළඹ නගරයේ පිහිටි ක්‍රීඩාංගණයකට ක්ෂණිකව ජනතාව කැඳවා රැලියක් පැවැත්වීමට කටයුතු කරගෙන යන බවත් විපක්ෂනායක ධුරය ලබාගැනීම සදහා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.